සිය විවාහ දිනය සඳහා මුදල් උපයා ගැනීමට තම මංගල ඇඳුම වෙළඳ දැන්වීම් පුවරුවක් බවට පත්කරගත් පුද්ගලයකු ගැන ප්‍රංශයෙන් වාර්තා වේ.
ඔහු ප්‍රංශයේ ලිල් නගරයේ ව්‍යාපාරිකයෙකු වන ඩගෝබර්ට්.
පසුගිය ඔක්තෝබර් 25 වන දින පැවති සිය විවාහ උත්සවයේදී, ආරම්භක ව්‍යාපාර 20කට අධික සංඛ්‍යාවක දැන්වීම් සිය කබායේ (tuxedo) එම්බ්‍රොයිඩර් කරගෙන විවාහයට ඇඳ තිබූ ඡායාරූප කිහිපයක් බෙදා ගනිමින් ඔහු මෙසේ පවසා තිබේ. “අපගේ විවාහ මංගල්‍යයට උදව් කළ ආරම්භක ව්‍යාපාර 26ට ස්තූතියි, එය සුන්දර දවසක්”.
ඩගෝබර්ට් විසින් විවිධ ව්‍යාපාර 26කට තම කබායේ ස්ථාන විකුණා ඇති අතර, ඒ සෑම ආයතනයක්ම ඔවුන්ගේ ලාංඡනය මංගල ඇඳුමේ මුද්‍රණය කිරීම සඳහා ඔහුට ගෙවා ඇතැයි විශ්වාස කෙරෙයි.
මෙම අද්විතීය මුලපිරීමට ඩගෝබර්ට්ගේම සේවායෝජකයා වන CompAI ද ඇඩ් දමා තිබුණේය.
මේ අමුතු අදහස ඩගෝබර්ට්ගේ සිතට මුලින්ම පැමිණියේ මෙම වසරේ ජූලි මාසයේදීයි.
අලෙවිකරුවෙකු වන ඔහු, සිය විවාහය සඳහා අනුග්‍රහය ලබා දීමට සමාගම් සම්බන්ධ කරගෙන එය වෙළඳ දැන්වීම් යටතේ ව්‍යාපාරික වියදමක් ලෙස පෙන්වීමට නිර්මාණාත්මක සැලසුමක් සකස් කළේය.
සැලැස්මේ කොටසක් ලෙස, ඔහු මංගල ඇඳුම නැවත නිර්මාණය කිරීම සඳහා ටේලර්වරයෙකු සම්බන්ධ කර ගත්තේය.
අනුග්‍රහයන්ගෙන් ලැබුණු ප්‍රතිලාභ පිළිබඳව විමසූ විට, ඩගෝබර්ට් සඳහන් කළේ, මෙම දැන්වීම් මගින් ඇඳුම සඳහා වැය වූ මුදල් පියවූ බවත්, ඊට අමතරව තවත් ඩොලර් 2,000ක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවයි.
ඔහු මුළු විකුණුම් ප්‍රමාණය විස්තර කළේ මෙලෙසින්. “ඩොලර් දසදහසකට විකිණුවා, ඉන්පසු ඩොලර් 2,500ක් බදු, ඉන්පසු ඇඳුම සඳහා ඩොලර් 5,500ක්. ඒ නිසා මූලික වශයෙන් එය ඇඳුම සඳහා ගෙවීම් ආවරණය කළා + ඩොලර් 2000ක් ඉතිරියි”.
ඩගෝබර්ට්ගේ මෙම ක්‍රියාව අන්තර්ජාලය තුළ මිශ්‍ර ප්‍රතිචාර ලබා දී ඇත.
බොහෝ දෙනෙක් ඔහුගේ නිර්මාණශීලී අදහසට ප්‍රශංසා කර ඇති අතර, තවත් සමහරු පුද්ගලික මොහොතක් වෙළඳ නාමකරණ අවස්ථාවක් බවට පත් කිරීම විවේචනය කරයි.
ඇතැමුන් පවසා තිබුණේ ‘ඔහුගේ බිරිඳ ගැන දුකක් දැනෙන’ බවයි.


