Latest News

තවත් යුද්ධයක් නතර කරන බවට ට්‍රම්ප්ගෙන් පොරොන්දුවක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගනිස්ථානය සහ පකිස්තානය අතර පවතින අර්බුදය සඳහා කඩිනම් විසඳුමක් ගෙන එන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඒ අනුව තවත් යුද්ධයක අවසානය සනිටුහන් කිරීමට තමන් සූදානම් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඇෆ්ගනිස්ථාන සහ පකිස්ථාන දේශසීමාවේ පවතින ගැටුම් නිමා කිරීමේ අරමුණින් පකිස්තාන රජයේ නියෝජිතයින් පිරිසක් සහ තලේබාන් රජයේ නියෝජිත කණ්ඩායමක් අතර තුර්කියේ ස්තාන්බූල්හිදී සාම සාකච්ඡාවල දෙවන වටයට ආරම්භ වී ඇති පසුබිමක් තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර තිබෙයි.

පසුගිය සතිඅන්තයේදී දෙරට අතර දේශසීමාවේ යළිත් ගැටුම් උත්සන්න වී තිබුණා. සාම සාකච්ඡා පැවැත්වුන ද දෙපාර්ශවයේ ප්‍රහාර හා ප්‍රතිප්‍රහාර සම්පූර්ණයෙන් නතර වී නොතිබුණි.

“පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර ගැටුම් ආරම්භ වී ඇති බව තමන්ට ආරංචි වුණා” – “මම එය ඉතා ඉක්මනින් විසඳන්නම්.”

යනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ තායිලන්ත-කාම්බෝජ සාම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් බවද එම වාර්තාවල සඳහන්.

World News

Send your contact Details Today