අමෙරිකානු නාවික හමුදාවට අයත් හෙලිකොප්ටරයක් සහ ප්‍රහාරක ජෙට් යානයක් දකුණු චීන මුහුදට ඉහළින් සිදු කළ සාමාන්‍ය මෙහෙයුම් අතරතුර ඊයේ කඩාවැටී තිබේ.
අමෙරිකානු නාවික හමුදාවේ පැසිෆික් බලඇණිය පවසා ඇත්තේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව බේරා ගැනීමට හැකි වූ බවයි.
මෙම සිදුවීම් දෙකටම හේතුව සොයා බැලීම සඳහා නාවික හමුදාව විසින් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නාවික හමුදාව සමාජ මාධ්‍ය ඔස්සේ ඉරිදා සවස ප්‍රකාශ කළේ, ‘Battle Cats’ ලෙස හඳුන්වනු ලබන හෙලිකොප්ටර් මැරිටයිම් ස්ට්‍රයික් 73 ට අනුයුක්ත කර තිබූ MH-60R සීහෝක් (Seahawk) හෙලිකොප්ටරයක් ඒරට වේලාවෙන් දහවල් 2:45 ට පමණ ‘USS Nimitz’ ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් සාමාන්‍ය මෙහෙයුම් සිදු කරමින් සිටියදී කඩාවැටුණු බවයි. සෝදිසි සහ මුදාගැනීමේ කණ්ඩායම් විසින් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා ආරක්ෂිතව බේරාගෙන තිබුණේය.
මෙම සිදුවීමෙන් පසුව, එදිනම දහවල් 3:15 ට, ස්ට්‍රයික් ෆයිටර් ස්කොඩ්‍රන් (Strike Fighter Squadron – VFA) 22 හි ‘Fighting Redcocks’ ලෙස හඳුන්වනු ලබන කණ්ඩායමට අනුයුක්ත F/A-18F සුපර් හෝර්නට් ප්‍රහාරක ජෙට් යානයක් ද ‘නිමිට්ස්’ නෞකාවෙන් සාමාන්‍ය මෙහෙයුම් සිදු කරමින් සිටියදී කඩාවැටුණා. ජෙට් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා සාර්ථකව ඉවත් වී ආරක්ෂිතව බේරා ගැනීමට හැකි වූ බව ද සඳහන්.
නාවික හමුදාවට අනුව, එක් F/A-18 ප්‍රහාරක ජෙට් යානයක වටිනාකම ඩොලර් මිලියන 60 කට වඩා වැඩියි. මෙම අනතුරු සිදුවී ඇත්තේ නාවික හමුදාව විසින් පසුගිය වසන්තයේදී රතු මුහුදේදී සුපර් හෝර්නට් ජෙට් යානා දෙකක් අහිමි වීමෙන් පසුවයි.
මෙම අනතුරු සිදුවූ USS Nimitz නෞකාව ලෝකයේ විශාලතම යුද නෞකා වලින් එකක්.
එය සේවයේ යෙදී සිටින පැරණිතම ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවයි. ලබන වසරේදී විශ්‍රාම ගැන්වීමට නියමිතව තිබුණේය.
මෙම ගුවන් යානා කඩාවැටීම් සිදුවන්නේ, උපායමාර්ගික ජල මාර්ගයක් වන දකුණු චීන මුහුදේ උණුසුම් භූ දේශපාලනික තත්ත්වයක් පවතින අතරතුරදීයි.
දකුණු චීන මුහුදේ කොටස් කිහිපයක් චීනය සහ අග්නිදිග ආසියානු ජාතීන් කිහිපයක් විසින් හිමිකම් කියනු ලබන අතර, චීනය විසින් ජාත්‍යන්තර අධිකරණ තීන්දුවක් නොතකමින් මුළුමනින්ම පාහේ එම ජල මාර්ගයේ හිමිකාරිත්වය තහවුරු කළේය.
ගතවූ දශක දෙක තුළ චීනය සිය භෞමික හිමිකම් ශක්තිමත් කරමින් එම මුහුදු සීමාව හරහා හමුදා ඉදිකිරීම් කර තිබේ.
මෙය ජාත්‍යන්තර ජල මාර්ගය හරහා නිදහසේ ගමන් කිරීම පවත්වාගෙන යාමට දරන උත්සාහයට සෘජු අභියෝගයක් බවයි අමෙරිකාව සළකන්නේ.
මෙම අනතුරු සිදුවී ඇත්තේ, ප්‍රධාන වශයෙන් වෙළඳාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන නායක ෂී ජින්පිං හමුවීමට නියමිත ආසියානු රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් අතරතුරදීයි.