Latest News

අමෙරිකානු යුධ නැවක් වෙනිසියුලාව දෙසට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව විසින් සිය ලොව විශාලතම යුධ නෞකාව වන ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාව කැරිබියන් දූපත් දෙසට යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කර ගැනීමේ අරමුණින් අමෙරිකාව කැරිබියන් දූපත්වල සිය හමුදා ස්ථානගත කිරිමට මේ වන විට පියවර ගනිමින් සිටින බව සඳහන් වේ.

මේ සඳහා තවත් යුද නැව් 8ක්, න්‍යෂ්ටික සබ්මැරීනයක් මෙන්ම F-35 ගුවන් යානාද ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රැකවරණය සපයන බවට වොෂින්ටනය දිගු කලක් තිස්සේ වෙනිසියුලාවට චෝදනා කරමින් සිටියේය.

වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ ට්‍රම්ප්ගේ දිගුකාලීන සතුරෙකු වන අතර, අමෙරිකාව වෙනිසියුලානු වෙරළ තීරය ආසන්නයට බී-1 බෝම්බ හෙලන ගුවන් යානා යැවූ බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සඳහන් කර තිබුණේ, ඔවුන් දිර්ඝකාලීන යුද්ධයක් නිර්මාණය කරමින් සිටින බවයි.

World News

Send your contact Details Today