උතුරු කොරියාව විසින් Cryptocurrency සහ Tech Firm Salaries බිලියන ගණනක් සොරකම් කළ බව නව ජාත්‍යන්තර වාර්තාවක් අනාවරණය කර තිබේ.
උතුරු කොරියානු හැකර්වරු විදේශීය සමාගම්වලින් ව්‍යාජ අනන්‍යතා යටතේ රැකියා ලබා ගනිමින් සයිබර් ප්‍රහාර මෙහෙයවූ බව මෙම වාර්තාව පවසයි.
මෙම කටයුතු Pyongyang රජය විසින් න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් සඳහා අරමුදල් සැපයීමට භාවිතා කර ඇති බවයි සඳහන් වන්නේ.
එක්සත් ජනපදය ඇතුළු රටවල් දහයක කණ්ඩායමක් විසින් සකස් කල වාර්තාවක දැක්වෙන්නේ උතුරු කොරියාව, ක්‍රිප්ටෝ මුදල් භාවිතා කරමින් ජාත්‍යන්තර සම්බාධක මග හැරූ බවයි.
හැකර්වරු විසින් දත්ත සොරකම් කිරීම සහ විදේශීය පද්ධති අඩපණ කිරීම සඳහා Malware යොදා ගත් බවද එහි විස්තර වේ.
එසේම උතුරු කොරියාව දැන් චීනය හා රුසියාවටත් සමාන ලෙස උසස් සයිබර් හැකියාවන් ඇති රටක් බව පරීක්ෂකයින් පවසයි.
ඔවුන්ගේ ක්‍රියාකාරකම් රජයට ආදායම උපයා දීමත් සමඟ ජාත්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් බවද සඳහන්.
උතුරු කොරියානු හැකර්වරුන්ගේ කටයුතු මිනිස් ජීවිත හා දේපළ අහිමිවීමටද සෘජුව සම්බන්ධ බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.
මෙම වසරේ ආරම්භයේදී උතුරු කොරියාවට සම්බන්ධ හැකර්වරු ඩොලර් බිලියන 2ට ආසන්න ක්‍රිප්ටෝ මුදල් සොරකමක් සිදු කළ බවද වාර්තාව මගින් අනාවරණය වෙයි.
එම මුදල් BYBIT cryptocurrency exchange මගින් සොරකම් කර ඇති අතර, FBI ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ අනුව උතුරු කොරියාවේ සයිබර් ක්‍රියාකාරකම් ලෝක ආර්ථික හා ආරක්ෂා කටයුතු සඳහා දැඩි අභියෝගයක් වන බව වාර්තා වේ.