ජපානයේ දේශපාලන පෙරළි රැසක් මධ්‍යයේ, දැඩි කොන්සර්වේටිව් නායිකා සනායි තකයිචි එරට ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමට සූදානම්ව සිටිනවා.
වත්මන් ජපාන අගමැති ෂිගෙරු ඉෂිබාගේ සමස්ත කැබිනට් මණ්ඩලයම සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අද පස්වරුවෙන් පසුව තකයිචි නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවනු ඇති බවද සඳහන්.
ඇයගේ LDP නායකත්ව තරඟයේදී ඇයගේ ප්‍රතිවාදීන් වූ දෙදෙනෙකුට, එනම් තොෂිමිට්සු මොටේගි සහ ෂින්ජිරෝ කොයිසුමි ට, ප්‍රධාන විදේශ හා ආරක්ෂක අමාත්‍ය තනතුරු ලබා දීමට අපේක්ෂා කෙරෙනවා.
2024 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන ලද ඉෂිබාගේ කැබිනට් මණ්ඩලය, මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බහුතරය රඳවා ගැනීමට අපොහොසත් වීම නිසා දුර්වල වී තිබුණා.
අද පැවැත්වෙන විශේෂ සැසිවාරයේදී අගමැති ධුරය සඳහා ඡන්ද විමසීම සිදුවන අතර, එමඟින් තකයිචි, ඉල්ලා අස්වූ ෂිගෙරු ඉෂිබා වෙනුවට ආදේශ කිරීමට නියමිතයි.
තකයිචිගේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) දක්ෂිණාංශික හවුල්කාර පක්ෂයක් වන ජපාන නවෝත්පාදන පක්ෂය සමඟ සන්ධාන ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව, බලයේ රැඳී සිටීමට අවශ්‍ය සහයෝගය LDP පක්ෂයට ලැබී තිබෙනවා.
LDP පක්ෂය බලය අහිමි වීමේ අද්දර සිටියදී, ජපාන නවෝත්පාදන පක්ෂයේ (ඉෂින් ලෙසද හැඳින්වෙන) සම-නායක හිරොෆුමි යොෂිමුරා විසින්, තකයිචිගේ අග්‍රාමාත්‍ය ධුරයට සහාය දැක්වීමට තම පක්ෂය සූදානම් බවට අවසාන මොහොතේදී නිවේදනයක් නිකුත් කළා.
මෙම සන්ධාන ගිවිසුම ඊයේ පස්වරුවේ තකයිචි සහ යොෂිමුරා විසින් වාර්තාකරුවන් ඉදිරියේදී අත්සන් තැබුවා.
යොෂිමුරා ප්‍රකාශ කළේ ඔවුන් එකට ඉදිරියට යා යුතු බව තමා තකයිචිට පැවසූ බවයි.
තකයිචි යනු පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපතිවරියයි. ඇය අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වීමට හේතුව වන්නේ, විපක්ෂ බලවේග ඒකාබද්ධ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමයි.
පළමු වටයේදීම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට 64 හැවිරිදි මෙම කොන්සර්වේටිව් නායිකාවට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඊට හේතුව, පහළ මන්ත්‍රී මණ්ඩලයේ ස්වාධීන මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පමණ ඇයට ඡන්දය දීමට සලකා බලමින් සිටීමයි. අග්‍රාමාත්‍යවරයා තේරීමේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ තේරීමට ප්‍රමුඛතාවය ලැබෙනවා.
දේශපාලන අභියෝග සහ කැබිනට් සංයුතිය LDP සහ JIP සන්ධානය බලවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයට මඳක් අඩුවෙන් සිටින අතර, ඔවුන්ට මන්ත්‍රී මණ්ඩලයේද බහුතරයක් නැහැ.
ආරක්ෂක උකුස්සෙක් සහ මූල්‍ය පරෙවියෙක් ලෙස හැඳින්වෙන තකයිචිට, පනත් සම්මත කර ගැනීම සඳහා අනෙකුත් විපක්ෂ පක්ෂවල සහයෝගය ලබා ගැනීමට අපහසු තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
JIP පක්ෂය කැබිනට් තනතුරු දැරීමට අපේක්ෂා නොකරන අතර, ඒ වෙනුවට අගමැතිවරයාට උපදේශක භූමිකාවක් ඉටු කිරීමට නියමිතයි.