Latest News

ජපානයේ වලස් ප්‍රහාරවල වාර්තාගත ඉහළ යාමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වසරේදී ජපානයේ වලසුන් විසින් මරාදැමූ පුද්ගලයන් සංඛ්‍යාව වාර්තාගත ඉහළම අගයකට පැමිණ තිබෙන බව එරට පරිසර අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ඉකුත් අප්‍රේල් මාසයේ සිට මේ දක්වා වලස් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් හත්දෙනකු මියගොස් තිබෙන බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

මෙම අගය 2006 සිට මේ දක්වා ජපානයෙන් වාර්තා වී ඇති ඉහළම අගය වන අතර, බොහෝ දුරට ඊසානදිග ප්‍රදේශවල සහ හොක්කයිඩෝ හි උතුරු ප්‍රාන්තයෙන් මෙම මරණ වාර්තා වී තිබෙනවා.

එහි ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වී ඇත්තේ එළිමහන් උණු දිය උල්පත් නාන තටාකයක් පිරිසිදු කරමින් සිටි 60 හැවිරිදි පුද්ගලයකු අතුරුදහන් වීමේ සිද්ධියක්.

මේ අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ වලස් ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගලයින් 100ක් පමණ තුවාල ලබා ඇති අතර, එය පසුගිය මාස 12 තුළ වාර්තා වූ තුවාලකරුවන් 85 දෙනෙකු සහ මරණ තුනට සාපේක්ෂව ඉහළ අගයක් බව සඳහන්.

ඉකුත් බ්‍රහස්පතින්දා ද ජපන් බලධාරීහු ඉවාට් ප්‍රාන්තයේ කිටකාමි නගරයේ වලස් ප්‍රහාරයක් එල්ල වූ බවට සැකසහිත ස්ථානයක් සොයාගෙන ඇති අතර එම ස්ථානයේ තිබී මිනිස් රුධිරය සහ වලස් ලොම් සොයාගත් බවයි ඔවුන් පැවසුවේ.

World News

Send your contact Details Today