බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් Meta සමාගම සමඟ එක්ව, එම සමාගමේ කෘත්‍රිම බුද්ධි වේදිකාව වන Meta AI සඳහා ඇයගේ හඬ ලබා දී තිබෙනවා.
ඒ අනුව, තාක්‍ෂණික දැවැන්තයා සමඟ සහයෝගයෙන් කටයුතු කළ පළමු ඉන්දියානු කීර්තිමත් පුද්ගලයා බවට ඇය පත්ව තිබෙනවා.
ඇය මෙම පුවත සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ වීඩියෝවක් මඟින් ප්‍රකාශ කළ අතර, එහිදී ඇය පටිගත කිරීමේ මැදිරියක සිට මෙසේ පැවසුවා:
“ආයුබෝවන්, මම දීපිකා පදුකෝන්. මම Meta AI හි නව හඬයි. මුද්දට තට්ටු කරන්න, එවිට මගේ හඬ ඔබට ඇසෙනු ඇත.”
සිය සටහනෙහි දීපිකා මෙසේ සඳහන් කර තිබේ: “හරි, මම හිතන්නේ මෙය හරිම නියමයි! මම දැන් Meta AI හි කොටසක් වන අතර, ඔබට ඉන්දියාව, එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් පුරා ඉංග්‍රීසියෙන් මගේ හඬින් කතාබස් කළ හැකියි.”
මෙම හවුල්කාරිත්වය මඟින්, පරිශීලක සහභාගීත්වය සහ පුද්ගලීකරණය ඉහළ නැංවීම සඳහා හුරුපුරුදු හඬවල් සහ පෞරුෂයන් තම AI පද්ධතියට ඒකාබද්ධ කිරීමේ Meta හි උපාය මාර්ගය තවදුරටත් පුළුල් කරනු ලබනවා.