සෞරග්‍රහ මණ්ඩලයේ තවත් සැඟවුණු ග්‍රහලෝකයක් පවතින බව විද්‍යාඥයන්ගේ නව පර්යේෂණයකින් හෙළි කරගෙන තිබෙනවා.
“Planet Y” ලෙස නම් කර ඇති එය තවමත් පැහැදිලිව අනාවරණය වී නැහැ.
එහෙත් Kuiper පටියේ ඇති ඇතැම් දුරස්ථ වස්තූන්ගේ නැඹුරු කක්ෂ මගින් එය අනුමාන කර ඇති බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥයෙකු වන අමීර් සිරාජ් පවසන්නේ එය නෙප්චූන්ගේ කක්ෂයෙන් ඔබ්බට පිහිටා ඇති අයිස් සහිත වස්තූන්ගේ විශාල වළල්ලක් බවයි.
ඔහුගේ පර්යේෂණය අනුව, Planet Y යනු පෘථිවියට වඩා කුඩා නමුත් බුධ ග්‍රහයාට වඩා විශාල ග්‍රහලෝකයක් විය හැකි අතර, එය සූර්යයාට පෘථිවියට ඇති දුර මෙන් 100 සිට 200 ගුණයක් පමණ දුරින් පවතින බවට සාධක පෙන්වා දී තිබෙනවා.
අනෙකුත් ග්‍රහලෝකවලට සාපේක්ෂව එය අවම වශයෙන් අංශක 10 ක් ඇලවී ඇති බව ද සඳහන්.
ඇතැම් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම ග්‍රහයා හේතුවෙන් පෘථිවියේ සිට සූර්යාට ඇති දුර මෙන් 80 ගුණයක් පමණ ඔබ්බෙන්, සෞරග්‍රහ මණ්ඩලය හදිසියේම අංශක 15 කින් පමණ ඇලවී ඇති බවයි.
ඔවුන් මෙම ග්‍රහයා Planet Nine ලෙස හැඳින්වූ අතිරේක ග්‍රහලෝකයට වෙනස් විකල්පයක් පෙන්වා දී ඇති අතර Planet Y හා Planet Nine දෙකම පැවතීමේ හැකියාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.
ඉදිරි වසර කිහිපයේදී චිලීයේ වේරා රූබින් නිරීක්ෂණාගාරයෙන් ලැබෙන විශාල දත්ත එකතුව, Planet Y වැනි අඳුරු ග්‍රහලෝක සෘජුවම හඳුනා ගැනීමේ සම්භාවිතාව වැඩි කරනු ඇති බවටයි විද්‍යාඥයන් විශ්වාස පළ කරන්නේ.