ෂෙන්ගන් කලාපයට ඇතුළු වන යුරෝපා නොවන ජාතිකයින්ට නව Entry/Exit System ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
එහි මූලික අදියර ඔක්තෝබර් 12 වන දින සිට කියාත්මක වන අතර 2026 අප්‍රේල් 10 වන දින වන විට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනු ඇතියි.
ඒ අනුව සංචාරකයින්ගේ ඇතුළුවීම සහ පිටවීම වාර්තා කරන නවීන ඩිජිටල් පද්ධතියක් ස්ථාපනය කරනු ලබනවා.
දින 90ක් හෝ ඊට අඩු කලයක් සංචාරය කරන යුරෝපා නොවන පුරවැසියන් මෙම පද්ධතියේ ලියාපදිංචි විය යුතු වනවා.
ඒ අනුව ලියාපදිංචි වන සංචාරකයින් තම විදේශ ගමන් බලපත්‍රය ඇතුළු පුද්ගලික දත්ත ලබා දිය යුතු අතර, fingerprints ස්කෑන් කර මුහුණේ ඡායාරූපයක් ලබා ගත යුතුයි.
ඒ හරහා self-service system හෝ mobile app භාවිතයෙන් මෙම ක්‍රියාවලිය වේගවත් කරගත හැකි බවයි දැනුම් දී ඇත්තේ.
නව නීති පද්ධතිය මගින් ෂෙන්ගන් කලාපයේ ගමන් කිරීම වඩාත් කාර්යක්ෂම වීම, අක්‍රමවත් සංක්‍රමණය වැළැක්වීම හා ව්‍යාජ අනන්‍යතා ඇති අය මෙන්ම ෂෙන්ගන් කලාපයේ කාලය ඉක්මවා රැඳී සිටින අයව පහසුවෙන් හඳුනාගැනීම ද සිදුකල හැකි වනවා.
ෂෙන්ගන් කලාපය රටවල් 29 කින් සමන්විත අතර ඒවායින් බොහොමයක් යුරෝපා සංගමයට අයත් රටවල් වනවා.