Latest News

වප් පුර පසලොස්වක පොහොය දිනය අදයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෙර වස් විසූ භික්ෂූන් වහන්සේලා වස් පවාරනය කිරිම ඇතුලු සම්බුද්ධ ශාසනයේ වැදගත් කරුණු රැසක් සිහිපත් කරමින් විවිධ පුද පූජා සිදුකරන උතුම් වප් පුර පසලොස්වක පොහොය දිනය අදයි.

මාතෘ දිව්‍යරාජයන්ට අභිධර්මය දේශනාව සිදුකර සෝවාන් ඵලය ලබාදීම සිදු කළේ අද වැනි වප් පුර පසළොස්වක පෝහෝ දිනකයි.

බුද්ධ ප්‍රඥාවට පමණක් දෙවැනි වූ සැරියුත් මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාලාභීන් අතරින් අගතැන්පත් තනතුරට පත් වූයේ ද අද වැනි වප් පොහෝ දිනක වීම විශේෂත්වයක්.

මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදිවීම, අනුලා දේවිය ඇතුලු කුල කතුන් පැවිදිබිමට ඇතුලත් කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා සමඟ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමට දූත පිරිසක් දෙවනපෑතිස් රජු විසින් දඹදිවට පිටත්කර හැරීම සිදුවූයේ වප් පොහෝ දිනකයි.

ථූපාරාමයේදී සිදුකළ විනය සංඝායනාව ද සිදුකර ඇත්තේ අද වැනි වප් පෝය දිනක බව ඉතිහාසයේ සඳහන් වනවා.

මිහිදු මහරහතන් වහන්සේගේ අනුශාසනාව පරිදි මහා අරිට්ඨ මහ තෙරුන් විසින් අනුරාධපුර ථූපාරාමයේදී විනය පිටකය සජ්ඡායනය කිරීම සිදු වූයේද අද වන් පොහොය දිනකයි.

World News

Send your contact Details Today