Latest News

දැවැන්ත සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ජපානය පුරා බියර් හිඟයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ විශාලතම බීර නිෂ්පාදකයා වන සමාගමට එල්ල වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් රට පුරා බියර් සහ බෝතල් කළ තේ ඇතුළු නිෂ්පාදනවල උග්‍ර හිඟයක් ඇතිවෙමින් පවතින බව වාර්තා වනවා.

සඳුදා දින එල්ල වූ මෙම ප්‍රහාරය නිසා සමාගමේ ඇණවුම් සහ බෙදාහැරීමේ පද්ධති අඩාල වී ඇති අතර, ජපානයේ පිහිටි බොහෝ කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. ප්‍රධාන සිල්ලර වෙළඳසැල් ජාල දැනටමත් තම පාරිභෝගිකයින්ට මෙම හිඟය පිළිබඳව අනතුරු අඟවා තිබෙනවා.

සමාගම නිවේදනය කර ඇත්තේ, පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට නිශ්චිත කාලයක් දීමට නොහැකි වුවද, පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා ඇණවුම් අතින් සකස් කිරීමේ (Manual Processing) ක්‍රියාවලියක් අර්ධ වශයෙන් ආරම්භ කර ඇති බවයි.

World News

Send your contact Details Today