ශ්‍රී ලංකාවේ වනජීවි දෙපාර්මේන්තුව විසින් වඳුරන් සහ රිලවුන් අතර කරන ලද පරීක්ෂණයකදි සිපිලිස් නැමැති රෝගයට සමාන ලක්ෂණ ඇති වදුරන් සහ රිලවුන් හමුවු බව නැගෙනහිර වනජීවි පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පවසනවා.
මෙම වඳුරන් සහ රිලවුන්ගේ සාම්පල් ගෙන පරික්ෂා කිරිමේදි චොපලිමා පැලඩිම් කියන ස්පයිරොක් කියන වර්ගයට අයත් බව තහවුරු කර ගැනීමට හැකි වූ බවයි ඔහු පැවසුවේ.
පොලොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවලදි රිලවුන් ගේ සහ වදුරන් ගේ ලිංගාශ්‍රිතව, ගුදමාර්ගය අශ්‍රිතව සහ සමේ යම් ආසාදන තත්වයන් වැඩිපුර දැක ගැනිමට හැකි වී තිබුණා.
මෙම සතුන් වන්දනා නඩ ගැවසෙන ස්ථානවල නිතරම සිටින අතර ආසාදන සහිත සතෙක් ඉදිගෙන සිටි ස්ථානයක කවුරුන් හෝ මිනිසෙකු ඉඳගැනිම සිදුකරොත් වදුරන්ගේ රෝගීතත්වය නිසා ඇතිවන ශ්‍රාවයන් ශරීරයේ ගෑවුනොහොත් මිනිසාට ද මේ රෝග තත්වය ඇති වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.