එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර හීටන් පාර්ක් හෙබ්‍රෙව් සභාවේ සිනගෝගයඉලක්ක කර ගත් උදරයේ බෝම්බ බැඳගෙන සිටි ත්‍රස්ත ප්‍රහාරකයා ජිහාඩ් අල්-ෂාමි ලෙස නම් කර තිබෙනවා.
ඔහු 35 හැවිරිදි, සිරියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
අල්-ෂාමි වයස අවුරුදු 16 පමණ වන විට එක්සත් රාජධානියට ඇතුළු වූ අතර, 2006 දී බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගත් අයෙක්.
ප්රෙස්ට්විච්හිපිහිටි ඔහුගේ නිවසට වැටලීමක් සිදු වූ අතර, එහි අසල්වැසියෙකු ප්‍රකාශ කළේ, අල්-ෂාමි විවාහකයෙකු හෝ දරුවන් නොමැතිව වසර 10ක් එහි ජීවත් වූ බවයි.
ඔහු අවට සිටි අය සමඟ කතාබස් නොකළ බවත්එම අසල්වැසියා කියා සිටියේ, තමා ප්‍රහාරකයාගේ ඡායාරූපවලින් ඔහුව හඳුනාගත් බවත්, ඔහු නිතරම ඔහුගේකුඩා කියා රථය අවහිර වන ලෙස නවතා තැබූ බවයි.
අල්-ෂාමි දැඩි ලෙස හැදී වැඩුණු අයෙකු බවත්, ඔහුගේ ව්‍යායාම බර ඔසවන උපකරණ ඔහුගේ ගරාජය තුළ තබාගෙන සිටි බවත් එම අසල්වැසියා සඳහන් කර තිබුණා.
ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම, සූදානම් කිරීම සහ අනුබල දීම යන චෝදනා යටතේ30 ගණන්වල පසුවන පිරිමි දෙදෙනෙකු සහ 60 ගණන්වල පසුවන කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත විරෝධී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල් ෂාමි යෙදොව් දින දර්ශනයේ පූජනීයම දිනය වනයොම් කිප්පූර් දිනඋදෑසන 9:30ට මොහොතකට පෙරමෙම ප්‍රහාරය එල්ල කළ තිබුණා.
මෝටර් රථයකින් සහ පිහි පහරකින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් හතර දෙනෙකු තුවාල ලැබූවා.
මිය ගිය පුද්ගලයන් දෙදෙනාම යුදෙව් ප්‍රජාවේ පිරිමි සාමාජිකයන්.
ඔවුන් එම ස්ථානයේදීම මිය ගිය බවට ප්‍රකාශයට පත්කෙරුණා.
තුවාල ලැබූ තිදෙනෙකු බරපතල තුවාල සහිතව තවමත් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ප්‍රහාරය ආරම්භ වූයේ කළු පැහැති කියා පිකැන්ටෝ රථයක් පිටත සිටි පිරිසක් වෙත ධාවනය වීමෙන්.
සම්පූර්ණයෙන්ම කළු ඇඳුමින් සැරසුණු සැකකරු, පිහියක් රැගෙන මෝටර් රථයෙන් බැස, ඒ වන විටත් තුවාල ලබා සිටි ආරක්ෂක නිලධාරියෙකුට පිහියෙන් ඇනීමට පටන් ගත්තා.
පොලිසියට පළමු ඇමතුම උදෑසන 9:31ට ලැබීමිනිත්තු හතක් ඇතුළත, අල්-ෂාමිට වෙඩි තබා මරා දැමීමට පොලිසිය සමත් වී තිබුණා.
සමාජ මාධ්‍ය දර්ශනවලට අනුව, වෙඩි තැබීමේ නිලධාරීන් බිම සිටි මිනිසෙකු වටකරගෙන සිටියදී ජනතාවට “ආපසු යන්න, ඔහු ළඟ බෝම්බයක් තිබෙනවා” යැයි කෑ ගසා තිබෙනවා.
සිනගෝගය තුළ සිටි බැතිමතුන් වෙත ප්‍රහාරකයා ඇතුළු වීම වළක්වා ගැනීමට ගත් නිර්භීත ක්‍රියාමාර්ගය වෙනුවෙන්ආරක්ෂක නිලධාරීන්ගේ ධෛර්යයටපොලිස් ප්‍රධානියෙකු ප්‍රශංසාවට ලක් කර තිබුණා.
මෙම ප්‍රහාරයත් සමඟ අගමැතිවරයා සිය කොපන්හේගන් සංචාරය පසෙකලා අනතුරු ඇඟවූයේ බ්‍රිතාන්‍යය තුළ”වෛරය නැවත වරක් ඉහළ යමින් පවතින”බවත්, එය පරාජය කළ යුතු බවයි.
ඊශ්‍රායලය චෝදනා කළේ මැන්චෙස්ටර් සිනගෝග ප්‍රහාරයට පෙර සර් කීර් ස්ටාමර් විසින්”විෂ සහිත යුදෙව් විරෝධී රැල්ලක්”පාලනය කිරීමට අපොහොසත් වූ බවයි.
මැන්චෙස්ටර් මධ්‍යයේදී පලස්තීන හිතවාදී උත්සවයක් පැවැත්වීමට පොලිසිය අවසර දීමෙන් පසු ගැටුම් ඇති වු බව එරට වාර්තා පවසනවා.
තවද, වෙස්ට්මින්ස්ටර්හිදී ද පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් පොලිසිය සමඟ ගැටී තිබුණා.