Latest News

ඉන්දි­යා – යුරෝ­පීය ඓති­හා­සික නිද­හස් වෙළෙඳ ගිවි­සුම අද සිට ක්‍රියා­ත්මකයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දි­යාව සහ යුරෝ­පීය නිද­හස් වෙළෙඳ සංග­මය අතර ඓති­හා­සික නිද­හස් වෙළෙඳ ගිවි­සුම අද (ඔක්තෝ­බර් 01) සිට ක්‍රියා­ත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසු­ගිය වසරේ මුල් භාග­යේදි සාකච්ඡා අව­සන් කරනු ලැබූ එම ගිවි­සුම මගින් ඉන්දි­යා­වට යුරෝ­පයේ රට­වල් සමඟ එම ගිවි­සුම යටතේ වෙළෙඳ කට­යුතු සිදු කිරී­මට හැකි­යාව ලැබී තිබෙන බවයි ඉන්දීය රජයේ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය, පියුෂ් ගෝයාල් නිවේ­ද­නය කරඇත්තේ.

අද සිට ක්‍රියා­ත්මක වන නිද­හස් වෙළෙඳ ගිවි­සුම යටතේ ස්විට්ස­ර්ල­න්තය, නෝර්වේ, අයි­ස්ල­න්තය සහ ඔස්ට්‍රි­යාව සහ ස්විට්ස­ර්ල­න්තය අතර පිහිටි ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය සමඟ ද වෙළෙඳ කට­යුතු සිදු­වන බව ද ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ වන ­විට යුරෝපා සංග­ම­යට අම­ත­රව අමෙ­රි­කාව සහ පේරූ රාජ්‍යය ඇතුළු ලොව පුරා රට­වල් 27ක් සමඟ ඉන්දි­යාව නිද­හස් වෙළෙඳ ගිවි­සුම් පිළි­බඳ සාකච්ඡා පව­ත්ව­මින් සිටින බවද ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඔස්ට්‍රේ­ලි­යාව සහ බ්‍රිතා­න්‍යය සමඟ දැන­ට­මත් නිද­හස් වෙළෙඳ ගිවි­සුම් අත්සන් කර ඇතැයි ද ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා පවසා තිබෙනවා.

World News

Send your contact Details Today