Latest News

ලොව මෙතෙක් සිදු වූ විශාලතම ඒක පුද්ගල ක්‍රිප්ටෝ වංචාවක් ගැන තොරතුරු හෙළිවේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව මෙතෙක් සිදු වූ විශාලතම ඒක පුද්ගල ක්‍රිප්ටෝ මුදල් සිද්ධියකට අදාළව චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් බිට්කොයින්වල වටිනාකම පවුම් බිලියන 5කට (අමෙරිකානු ඩොලර් බිලියන 6.7) අධික බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

සීමින් චියැන් (Zhimin Qian) නොහොත් යාඩි ෂැං (Yadi Zhang) නමැති මෙම කාන්තාව, නීති විරෝධී ලෙස ක්‍රිප්ටෝ මුදල් ලබාගැනීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ලන්ඩනයේ සවුත්වර්ක් ක්‍රවුන් අධිකරණයේදී වරද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව 2014 සහ 2017 අතර කාලයේදී ඇය චීනයේ මහා පරිමාණ වංචාවක් මෙහෙයවා ඇති අතර, එහිදී වින්දිතයන් 128,000කට අධික පිරිසක් රවටා සොරකම් කරන ලද මුදල් බිට්කොයින් වත්කම් ලෙස ගබඩා කර ඇති බවයි මෙට්‍රොපොලිටන් පොලිසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම 47 හැවිරිදි මෙම කාන්තාව වරද පිළිගැනීම වසර හතක් පුරා සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් බවයි මෙට්‍රොපොලිටන් පොලිසිය සඳහන් කර ඇත්තේ.

චියැන් සතුව තිබූ බිට්කොයින් 61,000ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම විමර්ශනය 2018 වසරේදී ආරම්භ කර ඇත්තේ, අපරාධ වත්කම් පිළිබඳව ලැබුණු තොරතුරකින් පසුවයි.

මෙට්‍රොපොලිටන් පොලිසිය සඳහන් කර ඇත්තේ, චියැන් අත්අඩංගුවට ගැනීමට පෙර වසර පහක් පුරා යුක්තියෙන් මිදී සිටි බවත්, ඇයව අත්අඩංගුවට ගැනීමට බහුවිධ අධිකරණ බලතල ඇතුළත් සංකීර්ණ විමර්ශනයක් අවශ්‍ය වූ බවයි.

ඇය ව්‍යාජ ලේඛන භාවිත කරමින් චීනයෙන් පලා ගොස් එක්සත් රාජධානියට ඇතුළු වී ඇති අතර, එහිදී සොරකම් කරන ලද මුදල් දේපළ මිලදී ගැනීමෙන් විශුද්ධිකරණය කිරීමට උත්සාහ කළ බවයි මෙට්‍රොපොලිටන් පොලිසිය සඳහන් කර ඇත්තේ.

World News

Send your contact Details Today