ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවාහි සිදුඅර්ජෝ ප්‍රදේශයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිසුන් 65කට අධික පිරිසක් සිරවී සිටින බව එරට මාධ්‍ය වාර්තා පවනවා.
පැය 12ක් තිස්සේ ඔවුන් සිරවී සිටින අතර හදිසි ආපදා කණ්ඩායම් සිසුන් ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරත බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
කොන්ක්‍රීට් තට්ටුවලට යටවූ අයට ඔක්සිජන් සහ ජලය සැපයීම මේ වනවිට සිදුකරමින් පවතිනවා.
අවම වශයෙන් එක් අයකු හෝ මියගොස් ඇති බවයි සැක පළකෙරෙන්නේ.
එහෙත් මියගිය හෝ තුවාල වූ ගණන තවමත් නිල වශයෙන් වාර්තා වී නැති බව ද එහි දැක්වෙනවා.