Latest News

ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඒ ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශය විසින් බව සඳහන්.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරේෂ් හසන්ක, සුගත් සමින්දු සහ දිලීප් හර්ෂණ යන අය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම අඳාළ සැකකරුවන් තිදෙනා මෙරට අපරාධවලට සම්බන්ධ වී ඉකුත් වසරේ දී ඉන්දියාවට නීතිවිරෝධී ආකාරයට ඇතුළු වී ඇති බව ද පවසනවා.

මින් පෙරද සමාජයේ ආන්දෝලනයට තුඩු දුන් අපරාධ සිදු කළ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් රැසක් විදේශයේ සැඟව සිටියදී විදෙස් ආරක්ෂක අංශවලින් ලද සහයෝගය මත අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

World News

Send your contact Details Today