Latest News

නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීමට බ්‍රිතාන්‍යය තවත් පියවරක් තබයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීමේ සැලසුම්වල පියවරක් ලෙස, එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්ය කිරීමට නියමිතයි.

නව ඩිජිටල් හැඳුනුම්පත් යෝජනා ක්‍රමය මඟින් එක්සත් රාජධානියේ නීතිවිරෝධී ලෙස වැඩ කිරීම දුෂ්කර වන අතර පුරවැසියන්ට ‘ගණන් කළ නොහැකි ප්‍රතිලාභ’ ලබා දෙන බව ශ්‍රීමත් කීර් ස්ටාර්මර් පැවසූවේ.

ඔහුගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩැරන් ජෝන්ස් පැවසුවේ එය ‘නූතන රාජ්‍යයේ අත්තිවාරම’ විය හැකි බවයි.

කෙසේවෙතත්, විපක්ෂ පක්ෂ තර්ක කළේ මෙම යෝජනා මගින් කුඩා බෝට්ටුවලින් ඉංග්‍රීසි ඕඩය තරණය කරන පුද්ගලයන් නතර නොකරන බවයි.

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සහ කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි ඇතුළු දේශපාලනඥයන් සහභාගී වූ ලන්ඩනයේ පැවති ගෝලීය ප්‍රගතිශීලී ක්‍රියාකාරී සමුළුව අමතමින් සර් කීර් පැවසුවේ “විදේශීය සේවකයන් සූරාකන සහ සාධාරණ වැටුප් අඩු කරන ශ්‍රමය මත යැපීම අනුකම්පා සහගත වාමාංශික දේශපාලනය නොවේ,” යනුවෙනි.

“සරල කාරණය නම් සෑම ජාතියකටම එහි දේශසීමා පාලනය කිරීමට අවශ්‍ය වීමයි. අපේ රටේ කවුද ඉන්නේ කියලා අපි දැනගත යුතුයි.” යැයි ඔහු පැවසුවා.

ඔහුගේ කතාවෙන් පසු සංවාදයකදී, සර් කීර් පැවසුවේ ඊළඟ මැතිවරණය කම්කරු පක්ෂය සහ රිෆෝම් UK අතර ‘විවෘත සටනක්’ වීමට තමාට අවශ්‍ය බවයි.

මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පමණක් සිටියද, නයිජල් ෆරාජ්ගේ රිෆෝම් UK මාස කිහිපයක් තිස්සේ මත විමසුම්වල පෙරමුණ ගෙන සිටිනවා.

කම්කරු පක්ෂය බලයට පත් වූ දා සිට කුඩා බෝට්ටුවලින් සංක්‍රමණිකයන් 50,000කට වැඩි පිරිසක් පැමිණීමත් සමඟ නීතිවිරෝධී සංක්‍රමණ ගැටලුව විසඳීමට සර් කීර්ගේ රජයට පීඩනයක් එල්ල වී තිබෙනවා.

නව ඩිජිටල් හැඳුනුම්පත් සඳහා ඔහුගේ සැලසුම් නිවේදනය කරමින් සර් කීර් පැවසුවේ මෙම යෝජනා ක්‍රමය “මේ රටේ නීති විරෝධී ලෙස වැඩ කිරීම දුෂ්කර කර, අපගේ දේශසීමා වඩාත් ආරක්ෂිත කරන” බවයි.

“පැරණි උපයෝගිතා බිල්පතක් සොයනවාට වඩා, ප්‍රධාන සේවාවන් වෙත ඉක්මනින් ප්‍රවේශ වීමට ඔබේ අනන්‍යතාවය ඔප්පු කිරීමට හැකි වීම වැනි අසංඛ්‍යාත ප්‍රතිලාභ සාමාන්‍ය පුරවැසියන්ට ලබා දෙනවා.” යැයි ද ඔහු පැවසුවා.

තවත් කම්කරු අගමැතිවරයකු වූ සර් ටෝනි බ්ලෙයාර් අනිවාර්ය හැඳුනුම්පත් හඳුන්වා දීමට උත්සාහ කළ නමුත් 2010 දී කොන්සර්වේටිව්-ලිබ් ඩෙම් සන්ධානය විසින් එම අදහස අවලංගු කළා.

ලේබර් පක්ෂය විශ්වාස කරන්නේ නව යෝජනාවට මහජන සහයෝගය ඇති බව නමුත් මිලියනයකට අධික පිරිසක් මෙම අදහසට එරෙහිව පෙත්සමකට අත්සන් කර තිබෙනවා.

කොන්සර්වේටිව් නායක කෙමී බැඩෙනොච් දත්තවල ආරක්ෂාව පිළිබඳ කණස්සල්ල පළ කර තිබෙන අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායක සර් එඩ් ඩේවි පැවසුවේ ද තම පක්ෂය මෙම යෝජනා ක්‍රමයට එරෙහිව සටන් කරන බවයි.

World News

Send your contact Details Today