Latest News

ඉරානයට දැඩි සම්බාධක පැනවීමේ සූදානමක් – හේතුව මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

න්‍යෂ්ටික ක්‍රියාකාරකම් හේතුවෙන් ඉරානයට දැඩි සම්බාධක පැනවීමට සූදානමක් පවතිනවා.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව වසර දහයකට පෙර අංශ කිහිපයක් යටතේ සම්බාධක පැනවීමට රටවල් රැසක් ක්‍රියා කළා.

එම ගිවිසුම යළි අලුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ගිවිසුම අලුත් කරන්නැයි ඉල්ලමින් බ්‍රිතාන්‍ය , ප්‍රංශය ,ජර්මනිය ඇතුලු රටවල් රැසක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ලිපියක් යොමුකර තිබෙනවා.

එම ගිවිසුමට අනුව ඉරානයට දැඩි ආර්ථික හා යුද සම්බාධක පැනවීමටයි යෝජනා වී තිබෙන්නේ.

ඔවුන් පෙන්වා දෙන්නේ අලුත් කළ සම්බාධක වළක්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීමට ඉරානයට දින 30ක කාලයක් ලබාදෙන බවයි.

මෙම පියවර නීති විරෝධි බව ඉරානය පැවසුව ද ජාත්‍යන්තර පරමානුක බලශක්ති ඒජන්සිය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ඉරානය දැඩිව අවධානය යොමුකළ යුතු බවයි.

World News

Send your contact Details Today