ඊශ්‍රායලයේ පාලනය යටතට බටහිර ඉවුර ඈඳා ගැනිමට ඉඩ ලබානොදෙන බව අමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.
ඒ අනුව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනය යටතට බටහිර ඉවුර ලබාගැනිමට ඉඩ නොතබන බවයි.
කිසිසේත්ම බටහිර ඉවුර ඊශ්‍රායලයට ලබාගැනිමක් සිදුනොවන බවයි ඔහු කියා සිටින්නේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මහා මණ්ඩල සැසි වාරය අද (26) ඇමතිමට නියමිත අතර ඊට පෙර අමෙරිකා ජනාධීපතිවරයා මෙම ප්‍රකාශය නිකුත් කිරිම කැපි පෙනෙනවා.
එමෙන්ම ලබන සඳුදා දිනයේදි අමෙරිකා ජනාධිපතිවරයා හා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක් පැවැත්විමට නියමිතයි.