Latest News

ඩෙන්මාර්කයේ ගුවන්තොටුපළක් හදිසියේම වසා දැමේ – හේතුව මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩෙන්මාර්කයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Aalborg ගුවන්තොටුපළ, වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනවසර ඩ්‍රෝන යානා ගුවන් කලාපයේ පියාසර කිරීම හේතුවෙන්.

රටේ දකුණු කලාපයේ පිහිටි තවත් කුඩා ගුවන්තොටුපළ තුනක් වන Esbjerg, Sønderborg සහ Skrydstrup යන ස්ථානවලින් ද ඩ්‍රෝන ක්‍රියාකාරකම් වාර්තා වී ඇතත්, ඒවා වසා දමා නොමැති බවටයි වාර්තා වෙන්නේ.

මෙම සිද්ධියට පෙර සතියේ මුලදී ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් (Copenhagen) ගුවන්තොටුපළට ද ඩ්‍රෝන ආක්‍රමණයක් හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීමට සිදු වූ අතර, එය අගමැතිනිය විසින් “ඩෙන්මාර්ක යටිතල පහසුකම්වලට එල්ල වූ දරුණුතම ප්‍රහාරය” ලෙස පවසා තිබෙනවා.

Aalborg ගුවන්තොටුපළෙන් අවම වශයෙන් ගුවන් ගමන් තුනක් වෙනතකට යොමු කර ඇති අතර, ගුවන්තොටුපළ හමුදා කඳවුරක් ලෙස ද භාවිතා කරන බැවින් ඩෙන්මාර්ක සන්නද්ධ හමුදාවන්ට ද මෙයින් බලපෑම් ඇති වූ බවයි එරට නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

World News

Send your contact Details Today