Latest News

මෝරුන්ගෙන් ආරක්ෂාවීමට අමුතු ඇඳුමක් හඳුන්වා දෙයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිහිනුම්කරුවන්, මෝරුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා සපා කෑමට ඔරොත්තු දෙන තෙත් ඇඳුම් කට්ටලයක් (bite-proof’ wetsuits) ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ (Flinders University) Southern Shark Ecology Groupහි පර්යේෂකයින් විසින් සකස් කර තිබෙනවා.

Ultra-high molecular weight polyethylene (UHMWPE) නම් ශක්තිමත් සහ පහසු බරක් සහිත තන්තු භාවිතා කරමින් සැකසූ මෙම ඇඳුම surfing සහ diving සඳහා සුදුසු ලෙස සකසා තිබෙනවා.

පර්යේෂකයින් පවසන්නේ සර්ෆින් හෝ කිමිදීම වැනි ක්‍රියාකාරකම් සඳහා සාමාන්‍ය neoprene wetsuit වලට සාපේක්ෂව, මෙම නව ඇඳුම සැහැල්ලු සහ නම්‍යශීලී බවයි.

ලොව පුරා මෝරුන්ගේ ප්‍රහාර ඉහළ යමින් පවතිනවා.

මෙම නව ඇඳුම මගින් අවදානම සම්පූර්ණයෙන් ඉවත් නොකරන නමුත්, දරුණු රුධිර වහනය සහ පටක හෝ අත් පා අහිමි වීමේ හැකියාව අඩු කර මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට උපකාරී වන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today