Latest News

හදිසි අනතුරක් හේතුවෙන් ආරණ්‍යවාසි භික්ෂුන්වහන්සේලා 07 නමක් අපවත් වෙයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැල්සිරිපුර පන්සීයගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේ හත් නමක් අපවත්වී තිබෙනවා.

ඒ උන්වහන්සේලා රැදි සිටි කේබල් ඩක්කුවක් කඩා වැටීමෙන්.

කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසය පිහිටා ඇත්තේ කඳුකර ප්‍රදේශයක වන අතර මේ හේතුවෙන් ස්වාමීන් වහන්සේ කාලයක සිට, තමන් වැඩ වාසය කරන කුටි වෙත වැඩ කිරිම සඳහා කේබල් ඩක්කුව භාවිත කර තිබෙනවා.

ස්වාමීන් වහන්සේ 13 නමක් ඊයේ (24) රාත්‍රියේ ආරණ්‍ය සේනාසනයේ ධර්ම ශාලාවේ සිට උස් ස්ථානයක පිහිටි කුටියට රැගෙන යමින් සිටි කේබල් ඩක්කුව එලෙස කඩා වැටී තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූ ස්වාමීන් වහන්සේ හය නමක්, පොල්ගොල්ල සහ කුරුණෑගල රෝහල් වලට ඇතුළත් කෙරුණා.

අපවත් වූ ස්වාමීන් වහන්සේලා 7දෙනා අතර රුසියා, රුමේනියා සහ ඉන්දීය ජාතික භික්ෂූන් වහන්සේ තෙනමක් සිටිනවා.

කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේ දෙනමක් ආසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ‍පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

World News

Send your contact Details Today