Latest News

ජනප්‍රිය ඉතාලි නිළියක් දිවි සැරියට සමුදෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

1960 දශකයේ සම්භාව්‍ය චිත්‍රපට වන ඉල් ගැටොපාර්ඩෝ සහ පින්ක් පැන්තර් හි රඟපෑ ජනප්‍රිය ඉතාලි නිළියක් වන ක්ලෝඩියා කාර්ඩිනේල් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඒ අඟහරුවාදා (24) ප්‍රංශයේ නෙමෝර්ස්හිදීයී.

මිය යන විට ඇය 87 වැනි වියේ පසුවුණා.

කාර්ඩිනේල් 1960 සහ 1970 ගණන්වල ජාත්‍යන්තර කීර්තියක් අත්කර ගත්තේ ඇය විලාසිතා නිරූපිකාවක් සහ ලෝකයේ වඩාත්ම ලස්සන හා කීර්තිමත් නිළියන්ගෙන් කෙනෙකු ලෙසයි.

ඇගේ සම වයසේ මිතුරන් වන ජිනා ලොලොබ්‍රිජිඩා සහ සොෆියා ලොරන් සමඟ පමණක් සැසඳිය හැකි පොප් සංස්කෘතියට බලපෑමක් ඇති කළා.

ඇය ලුචිනෝ විස්කොන්ටි, සර්ජියෝ ලියොන්, මාරියෝ මොනිසෙලි සහ ෆෙඩරිකෝ ෆෙලිනි ඇතුළු එකල සිටි වැදගත්ම අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කළා.

World News

Send your contact Details Today