ITA Airways විසින් මිලාන් සහ රෝමය අතර ප්‍රදර්ශනාත්මක ගුවන් ගමනක් පවත්වා තිබෙනවා.
එහිදී විශාල සුනඛයන් දෙදෙනෙකුට ඔවුන්ගේ අයිතිකරුවන් සමඟ ගුවන් යානය තුළ ගමන් කිරීමට හැකිවුණා.
කිලෝග්‍රෑම් 10 ට වඩා බරැති විශාල සුනඛයන් කූඩුවකට දැමීමකින් තොරව පියාසර කිරීමට හැකි වූ පළමු අවස්ථාව එයයි.
එහිදී ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ගමන් කළ 12 හැවිරිදි ලැබ්‍රඩෝ මෝකා සහ ආර්ථික පන්තියේ ගමන් කළ 11 හැවිරිදි කිලෝග්‍රෑම් 15 ක් පමණ බරැති මොන්ග්‍රල් හනී යන සතුන් දෙදෙනා එක්ව සිටියා.
ඒ අනුව ජනේලයක් අසළ ආසනයක් යට පැදුරක් මත ලීෂ් එකකින් අල්ලාගෙන සිටි මෙම සුරතලුන්ට ඔවුන්ගේ අයිතිකරුවන් අසළින් පියාසර කිරීමට අවස්ථාව උදා වුණා.
2024 ජුනි මාසයේ සිට ITA දැනටමත් සතුන් සඳහා වෙන් කර ඇති ඉඩ වැඩි කිරීමෙන් සහ සතුන්ගේ අවසර ලත් බර කිලෝග්‍රෑම් 08 සිට 10 දක්වා සහ කූඩය සඳහා කිලෝග්‍රෑම් දෙකක් වැඩි කිරීමෙන් සුරතල් සතුන්ට හිතකර ලෙස ගුවන් යානයේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
මේ අතර නියෝජ්‍ය අගමැති සහ ප්‍රවාහන අමාත්‍ය මැටියෝ සැල්විනි සහ ITA එයාර්වේස් සභාපති සැන්ඩ්‍රෝ පප්පලාර්ඩෝ යන අය මෝකා සහ හනී සමඟ මෙම ගුවන් ගමන සඳහා එක්ව සිටියා.