ඊශ්‍රායලයේ ARKIA AIRLINES ගුවන් සමාගමේ IZ 639 දරන ගුවන් යානය සෑම සතියකම අඟහරුවාදා පස්වරු 18.30 ටෙල්අවිව් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා ගමන් කරනු ඇති.
එය පසුදින එනම් බදාදා උදේ 06.15 ට කොළඹ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණීමට නියමිතයි.
ඕමානය හා මාලදිවයින ඊශ්‍රායිල් ගුවන් යානා සඳහා ගුවන් අවකාශය තහනම් කිරීම හේතුවෙන් මෙම ගුවන් යානය සීෂෙල්ස් හරහා ගොස් කොළඹට පැමිණීමට හා කොළඹ සිට ටෙල් අවිව් බලා ගමන් කිරීමට නියමිත අතර එහි ගුවන් කාලය පැය 09.15ක් වනවා.
බදාදා රාත්‍රී 22.30 ට කොළඹින් පිටත්වන IZ 640 ගුවන් යානය බ්‍රස්පතින්දා උදෑසන 05.35ට ටෙල්අවිව් බලා පැමිණීමට නියමිතයි.
ඊශ්‍රායල් සංචාරකයන් ඉලක්ක කර පියාසර කරන මෙම ගුවන් යානාව සතිපතා එක් වරක් ක්‍රියාත්මක කරන බව දන්වනු ලබනවා.