Latest News

ඇල්ලේ දී දරුණු අනතුරක් සිදු කළ බස් රථයේ අනන්‍යතාවය ගැන සැකයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පුද්ගලයින් 16 දෙනෙකුට දිවි අහිමිකරමින් පසුගිය 04 වනදා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ආසන්නයේ දී ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වූ බස් රථයේ අනන්‍යතාවය පිළිබඳව සැකයක් මතුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව විසින් සැකසූ වාර්තාව මඟින් ඒ බව දක්වා තිබෙනවා.

අදාළ කමිටු වාර්තාවේ දැක්වෙන්නේ බස් රථයේ සඳහන් චැසි අංකය සහ ලියාපදිංචි සහතිකයේ සඳහන් චැසි අංකය නොගැළපෙන බවයි.

චැසියේ මුද්‍රිත චැසි අංකය, ලියාපදිංචි සහතිකය, Body Tag සහ මෝටර් රථ ප්‍රවාහන දත්ත පද්ධතිය හා නොගැළපෙන බවයි අදාළ වාර්තා මඟින් තහවුරු කර ඇත්තේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව චැසි අංකය අක්ෂර 17කින් සමන්විය යුතු අතර, අනතුර ලක් වූ බස් රථයේ චැසිය මත මුද්‍රණය කර තිබූ චැසි අංකයේ අක්ෂර 18ක් පවතින බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අදාළ බස් රථයේ අනන්‍යතාවය පිළිබඳව සැකයක් මතුවන බවයි විමර්ශන කමිටු වාර්තාව මඟින් දක්වා ඇත්තේ.

NB-1673 ලියාපදිංචි අංකය දරණ මෙම බස් රථය 2011 වසරේ දී පළමුවරට ලියාපදිංචි කර ඇති අතර, අනතුරට ලක්ව අවස්ථාවේ රථයේ හිමිකරු ලෙස කටයුතු කර ඇත්තේ කංකානම් ආරච්චිගේ නිරෝෂන් නැමැති අඟුණකොළපැලැස්ස, දෙහිකැටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

World News

Send your contact Details Today