එක්ස්ප්‍රස් පර්ල් නෞකා හානිය සම්බන්ධයෙන් මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ ඇමෙරිකා ඩොලර් බිලියනයක වන්දිය ගෙවීම අදාළ සිංගප්පූරු නැව් සමාගම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් නීතිවේදීන්ගෙන් අප කළ විමසුමකදී ඔවුන් ප්‍රකාශ කළේ අදාළ වන්දිය ගෙවීම පැහැර හැරිය නොහැකි බවයි.
වන්දි ගොවීමට නොහැකි බව පැවසීම අධිකරණයට අපහාස කිරීමක් බවද ඔවුන් පෙන්වා දෙනවා.
දරුණුතම පාරිසරික ව්‍යසනය ලෙස බොහෝ දෙනා හඳුන්වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම සිදුවුණේ 2021 වසරේදීයි.
ඉන් සිදුවූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි 24 වනදා තීන්දු කළේ අදාළ නැව් සමාගම අමෙරිකා ඩොලර් බිලියනයක වන්දියක් ගෙවිය යුතු බවයි.
එය ගෙවීම X-Press Feeders නමැති නෞකා සමාගම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වල සඳහන් වනවා.