Latest News

නවසීලන්තයෙන් අලුත් VISA අවස්ථා 02ක් හඳුන්වා දෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවසීලන්තය නව Skilled Migrant Category (SMC) residence pathways දෙකක් හඳුන්වා දී තිබෙනවා.

2026 මැද භාගයේ සිට ඒවා ක්‍රියාත්මක වන අතර කුසලතා සහිත සේවකයින්ට (skilled workers) සහ ව්‍යාපාරිකයින්ට (trades) පහසුවෙන් නවසීලන්තයේ පදිංචිය ලබාගත හැකි වනවා.

Skilled Work Experience Pathway යටතේ ANZSCO Level 1–3 skilled rolesවල සිටින සංක්‍රමණිකයන්ට ඉල්ලුම් කළ හැකියි.

ඒ යටතේ අවුරුදු 5ක directly relevant work experience සහ අවම වශයෙන් අවුරුදු දෙකක් නවසීලන්තයේ median wage 1.1 ගුණයකට වැඩ කළ අය සඳහා සුදුසුකම් ලබා දෙනු ලබනවා.

Trades & Technician Pathway යටතේ, ANZSCO Level 1–3 trade සහ technician roles වලින් Level 4 හෝ ඊට වැඩි සුදුසුකමක්, අවුරුදු හතරක post-qualification experience සහ අවම මාස 18ක් median wage හෝ ඊට වැඩි වැටුපක් ලැබූ අය සඳහා අවස්ථා ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, නවසීලන්ත බලධාරීන් පවසන්නේ මෙම pathways සඳහා තවත් රැකියා සීමා කිරීම් (occupation restrictions) සහ සුදුසුකම් ලත් භූමිකාවන් සදහා ලැයිස්තු දියත් කිරීමේ දිනය (eligible role lists launch date) කඩිනමින් නිකුත් කරන බවයි.

මේ අතර, දැනටමත් නවසීලන්තයේ රැදී සංක්‍රමණිකයන්ට තමන්ගේ qualifications, wage history, සහ work experience පිළිබඳ සාක්ෂි සුරක්ෂිතව තබා ගන්නා ලෙස ද උපදෙස් දී තිබෙනවා.

World News

Send your contact Details Today