Latest News

Spider-Man නවතම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ස්පයිඩර් මෑන්ගේ හිස පැලීමකට ලක්ව අනතුරක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුපිරි වීර චිත්‍රපටයක් වන “Spider-Man Brand New Day” හි රූගත කිරීම් අතරතුර සිදුවූ දරුණු අනතුරකින් පසුව බ්‍රිතාන්‍ය නළු ටොම් හොලන්ඩ් පසුගිය සිකුරාදා රෝහල් ගත කර තිබෙනවා.

වොට්ෆර්ඩ් හි ලීව්ස්ඩන් චිත්‍රාගාරයේ (Leavesden Studios)දී සිදුවූ මෙම අනතුරින්, චිත්‍රපටයේ සිව්වන ස්පයිඩර් මෑන් චරිතයට රංගනයෙන් දායක වන නළුවා ඇද වැටී හිස පැලීමකට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

පවුම් මිලියන 150ක වියදමින් නිපදවන මෙම චිත්‍රපටයේ රූගත කිරීම් වහාම අත්හිටුවා ඇති අතර, ටොම් හොලන්ඩ් ගිලන් රථයකින් රෝහල් ගත කර ඇත්තේ මොළය කම්පනය වීමකට ප්‍රතිකාර සඳහායි.

ටොම් හොලන්ඩ් සුවය ලබන තෙක් සති කිහිපයක් පුරා චිත්‍රපටයේ රූගත කිරීම් නතර කර ඇතැයි විශ්වාස කෙරෙන අතර ටොම් හොලන්ඩ්ගේ පියා වන ඩොමිනික් හොලන්ඩ් පැවසුවේ තම පුතු “ටික කලකට” රූගත කිරීම්වලින් ඈත්ව සිටින බවයි.

World News

Send your contact Details Today