Latest News

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් යුරෝපයේ ගුවන් තොටුපොළ රැසක කටයුතුවලට බාධා

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් යුරෝපයේ ගුවන් තොටුපොළ රැසක කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා.

හීතෘ, බ්‍රසල්ස්, බර්ලින්, ඇතුළු ගුවන්තොටුපොළ රැසක කටයුතු මේ හේතුවෙන් අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් යානා වෙත මගීන් ඇතුළත් කර ගැනීමට අදාළ සේවා සපයන අන්තර්ජාල පද්ධතියක් ඉළක්ක කර ගනිමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාදයන් හා අවලංගු වීම් ද සිදුව ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඇති වූ තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගන්නා බව එම ගුවන් තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

World News

Send your contact Details Today