පිටකොටුව, පළමු වන හරස් වීදියේ ගොඩනැගිල්ලක අද (20) ගින්නක් හටගෙන තිබෙනවා.
අදාළ ගොඩනැගිල්ලේ 3 වන මහලේ ඇති වෙළඳසැලක් මෙසේ ගිනි ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න නිවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ සඳහා ගිනි නිවන රථ 12ක් යොදවා ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කළා.
මේ අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදා ට්‍රක් රථ 2ක්ද මේ වන විට යොමු කර ඇති බවයි.
එමෙන්ම අවශ්‍ය වුවහොත් බෙල් 212 ගුවන් යානයද ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට යවා ඇති බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.
එමෙන්ම Update :පිටකොටුව පළවෙනි හරස් වීදියේ ගොඩනැගිල්ලක හටගත් ගින්න මැඩපැවැත්වීමට නාවික හමුදා ගිනි නිවීම් ඒකකය ද කැඳවා තිබෙනවා.