ක්වීන්සලන්ඩ්හි සුරතල් සුනඛයින් ආශ්‍රිතව පැතිර යන මාරාන්තික වෛරසයක් සම්බන්ධයෙන් හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
Canine parvovirus (Parvo) ලෙස හැඳින්වෙන මාරාන්තික සහ වේගයෙන් ආසාදනය වන වෛරස් තත්තවය Willows සහ Kirwan ප්‍රදේශවල සුරතල් සුනඛයින් ආශ්‍රිතව පැතිර යන බවයි ඔස්ට්‍රේලියා Greencross Vets වාර්තා පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් එන්නත් (vaccinated ) කර නොමැති සහ වයස අවුරුද්දට අඩු සුනඛයින් මෙම මාරාන්තික වෛරසයට ගොදුරු විය හැකි බව ද Greencross Vets ප්‍රකාශකයින් සදහන් කරනවා.
ආහාර නොගැනීම, වමනය සහ ශරීර උෂ්ණත්වය වෙනස් වීම ඇතුළු රෝග ලක්ෂණ මෙම වෛරසය ආසාදනය වු සුනඛයින්ගේ පෙන්නුම් කෙරෙන අතර වහාම වෛද්‍ය සත්කාර නොකළහොත් මරණයට පත්වීමේ හැකියාව පවතිනවා.
ඒ් අනුව ක්වීන්ස්ලන්ඩ් Willows සහ Kirwan ප්‍රදේශවල සුරතල් සුනඛයිට එන්නත් ලබාදීම ක්‍රමවත්ව සිදුකරන ලෙසයි Greencross Vets හි වෛද්‍ය අධ්යක්ෂ Wendy Smith පවසන්නේ.
Parvo වෛරසය සුනඛයින් අතර ආරක්ෂාවකින් තොරව ඉතා පහසුවෙන් පැතිරෙන අතර සම්පූර්ණයෙන් එන්නත් කළ සුනඛයින්ම පමණක් පරිසරයට නිදහස් වීමට ඉඩදියයුතු අතර සම්පූර්ණයෙන් එන්නත් නොකළ සුනඛයින් නිවෙස්තුල තබාගත යුතු බවද වෛද්‍ය අධ්යක්ෂ Wendy Smith අවධාරණය කරනවා.
මෙම උපදෙස් අනුගමනය කිරීම, සත්ත්වයන් ආරක්ෂා කිරීම සහ වෛරසය සමාජය තුළ පැතිරීම වැළැක්වීමට මූලික වන බවයි Greencross Vets හි වෛද්‍ය අධ්යක්ෂ Wendy Smith වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.