Latest News

දුනිත්ගේ පියාගේ අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය ගැන දැනුම්දීමක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ අවසන් කටයුතු ලබන ඉරිදා (21) දිනයේ සිදුකරන බව පවුලේ ඥාතීන් පවසනවා.

ඒ, අනුව අභාවප්‍රාප්ත සුරංග වෙල්ලාලගේගේ දේහය හෙට (20) උදෑසන 9.30 සිට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ මහජන ගෞරව වෙනුවෙන් තැන්පත් කර තැබෙනවා.

මේ අතර පවුලේ ඥාතීන් පැවසුවේ දුනිත්ගේ පියා බරපතළ රෝගී තත්ත්වයකින් පසු නොවූ බවයි.

ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා ඊයේ (18) රාත්‍රියේ හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මිය ගොස් තිබුණා.

ඒ වනවිටත් දුනිත් ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්ථානය සමඟ තරගයට ක්‍රීඩාකරමින් සිටියා.

තම පියාගේ අභාවය දැනගත් පසු දුනිත් අද (19) උදෑසනම අබුඩාබි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණියා.

World News

Send your contact Details Today