Latest News

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවට ගෙන ආ තීරණාත්මක යෝජනාව අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවට ආ තීරණාත්මක යෝජනාව අමෙරිකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊයේ මෙම යෝජනාවට සිය නිෂේධ බලය භාවිත කිරීමට අමෙරිකාව පියවර ගත්තා.

ආරක්ෂක කවුන්සිලයේදී නිෂේධ බලය භාවිත කිරීමට හැකි රටවල් ඇත්තේ 05ක් පමණයි.

සෙසු රටවල් වන්නේ චීනය, ප්‍රංශය, රුසියාව සහ එංගලන්තයයි.

ජගත් ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 14 දෙනෙකු විසින් මෙම යෝජනාව අනුමත කළා.

එම යෝජනාවෙන්, හමාස් සහ අනෙකුත් කණ්ඩායම් විසින් රඳවාගෙන සිටින සියලුම සිරකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරයට මානුෂීය ආධාර සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කරමින් ‘සියලු පාර්ශවයන් විසින් ගාසා තීරයේ වහාම, කොන්දේසි විරහිතව සහ ස්ථිර සටන් විරාමයක්’ ඉල්ලා සිටියා.

කවුන්සිලයේ සාමාජික රටවල් 10ක් විසින් මෙම යෝජනාව සකස් කර තිබුණා.

මැදපෙරදිග අමෙරිකානු නියෝජ්‍ය විශේෂ නියෝජිත මෝගන් ඔර්ටගස් පැවසුවේ අමෙරිකාවේ ප්‍රතිචාරය ‘පුදුමයක් නොවන’ බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇල්ජීරියානු තානාපති අමර් බෙන්ඩ්ජාමා අයහපත් ප්‍රතිඵලයෙන් පසු පවසා තිබුණේ මෙවැන්නක්.

‘පලස්තීන සහෝදරවරුනි, සහෝදරියනි, අපට සමාවෙන්න..’

World News

Send your contact Details Today