කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තය වෙත අමුත්තන් ඇතුළුවීම සීමා කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ගුවන්තොටුපළ හා ගුවන් සේවා (පුද්ගලික) සමාගම නිවේදනය කරනවා.
මෙම නව පියවර ක්‍රියාත්මක වන්නේ සතියේ බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණක් වන අතර, එම දිනවල රාත්‍රී 10:00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම සීමා බලපැවැත්වෙනු ඇති.
ගුවන්තොටුපළේ කාර්යබහුල වේලාවන්හිදී ඇතිවන තදබදය අවම කර මෙහෙයුම් කටයුතු වඩාත් පහසු කිරීමේ අරමුණින් මීට පෙර ක්‍රියාත්මක කළ පියවරක දිගුවක් ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා
මෙම සීමා පැනවූ කාලය තුළ සියලුම මගීන්ගේ පහසුව තහවුරු කිරීම සඳහා මගීන්ගෙන් සහ මහජනතාවගෙන් සහයෝගය ඉල්ලා සිටින බව ගුවන්තොටුපළ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.
