ඉතාලියේ මාරාන්තික රෝගාතුර වූ පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවිත ස්වෙච්ඡාවෙන් අවසන් කිරීමට උපකාර කිරීම ආරම්භ කර ඇති ලූකා කොස්කියෝනි සංගමය විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතක් ප්‍රාදේශීය සභාව විසින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව ටස්කනියෙන් (Tuscany) පසු ස්වෙච්ඡාවෙන්විත අවසන් කිරීමට නීතියක් අනුමත කළ දෙවන ඉතාලි කලාපය බවට සාඩීනියා (Sardinia) පත් වී තිබෙනවා.
ටස්කනි නීතිය මෙන්ම නව සාඩීනියානු නීතිය යටතේ වෛද්‍යවරයෙකුගේ සහාය ලබන සියදිවි නසාගැනීම් සඳහා වන සෞඛ්‍ය සේවා ආධාර පිළිබඳ ක්‍රියා පටිපාටි යෙදීම අරමුණු කරන බව සඳහන්.
ඉතාලියේ ස්වේච්ඡා අනායාස මරණයට ඇති ගැටළු සම්බන්ධයෙන් වන නීතිය, 2019 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුවක ප්‍රතිඵලයක් ලෙසයි සඳහන් වන්නේ.