උතුරු ඇෆ්ගනිස්තානයෙහි අන්තර්ජාල භාවිතය තහනම් කිරීමට තලෙයිබාන් සංවිධානය කටයුතු කර තිබෙනවා.
අනාචාර ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා උතුරු ඇෆ්ගනිස්තානයෙහි අන්තර්ජාල භාවිතය තහනම් කළ බවයි තලෙයිබාන් සංවිධානය පවසන්නේ.
අන්තර්ජාලය හරහා පිරිමින් සහ ගැහැණුන් අතර කාමුක දර්ශන හා ආලවන්ත හැඟීම් පළ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බව තලෙයිබාන් සංවිධානය පවසා තිබෙනවා.
2021 දී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය අත්පත් කර ගැනීමෙන් පසු පළමු අන්තර්ජාල තහනම මෙයයි.
ගැහැණු ළමයින් උසස් අධ්‍යාපනය ලැබීම හා විවිධ ක්ෂේත්‍රවල රැකියා කිරීම නැවැත්වීම ආදිය මේ වන විටත් සිදුකර තිබෙනවා.
කාන්තාවන්ට මුහුණු ආවරණ පැළඳීම හා පිරිමින් රැවුල වැවීම අනිවාර්ය කිරීමේ සිට රියදුරන්ට සංගීත වාදනය තහනම් කිරීම දක්වා වූ නීති මාලාවක් තලෙයිබාන් සංවිධානය පසුගිය වසරේ දී ගෙන ආවා.