Latest News

නේපාලයේ නව අගමැතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තමා වැඩි කාලයක් ධුරයේ රැඳී නොසිටින බවත් මාස හයක් ඇතුළත බලය නැවත භාර දෙන බවත් නේපාලයේ අන්තර් කාලීන රජයේ නව අගමැතිනිය සුෂිලා කාර්කි පවසනවා.

පසුගිය දා දිවුරුම් දීමෙන් පසු පළමු වතාවට විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.

ලබන වසරේ මාර්තු 05 වන දින මැතිවරණයෙන් පසු බිහිවන නව රජයට අගමැති තනතුර භාර දෙන බව ඇය එහිදී පැවසූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර නේපාල ජනාධිපතිවරයා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත පිහිටුවන ලෙස එරට ප්‍රධාන දේශපාලන පක්ෂ අටෙහි ප්‍රධාන සංවිධායකවරු අත්සන් තැබූ විශේෂ ප්‍රකාශයක් මගින් එරට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

World News

Send your contact Details Today