2025 එමී සම්මාන උළෙලේදී හොඳම ප්‍රහසන උත්පාදන නළුවා ලෙස ‘ද ස්ටුඩියෝ’ කතා මාලාවේ සෙත් රෝගන් සහ හොදම ප්‍රහසන උත්පාදන නිළිය ලෙස ‘හැක්ස්’ කතා මාලාවේ ජීන් ස්මාර්ට් සම්මාන දිනා ගැනීමට සමත් වුණා.
එමී සම්මාන උළෙලේ විශිෂ්ට සහාය නිළිය (නාට්‍ය කතාමාලා) සම්මානය දිනා ගත්තේ ‘The Pitt’ කතාමාලාවේ රංගනය වෙනුවෙන් – කැතරින් ලානාසා (Katherine LaNasa) සම්මානයෙන් පිදුම් ලැබූ අතර, (නාට්‍ය කතාමාලා) විශිෂ්ට සහාය නළුවා සම්මානය ‘Severance’ කතාමාලාවේ රංගනය වෙනුවෙන් – ට්‍රමෙල් ටිල්මන් (Tramell Tillman) දිනා ගැනීමට සමත් වුණා.
මේ අතර ‘Adolescence’ හි රඟපෑ ඕවන් කූපර්, එමි සම්මානයක් දිනා ගනිමින්, එමි සම්මානයක් දිනූ ලාබාලතම නළුවා ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.
ඔහු මෙම සම්මානය දිනාගත්තේ ‘Outstanding Supporting Actor In A Limited Series or Movie’ යන කාණ්ඩය යටතේයි.
එම සම්මානය ලබා ගනිමින් ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්.
”ඇත්තටම මේක විශ්වාස කරන්න අමාරුයි. මම කවදාවත් හිතුවේ නැහැ මම මේ වගේ සම්මානයක් දිනයි කියලා. අද රාත්‍රියෙන් ඔප්පු වෙන්නේ, ඔබ ඉගෙන ගත්තොත්, අවධානය යොමු කළොත් සහ ඔබේ සීමාවන් ඉක්මවා ගියොත්, ජීවිතයේ ඕනෑම දෙයක් සාක්ෂාත් කරගත හැකි බවයි. මම අවුරුදු තුනකට කලින් මොකුත් නොවුණු කෙනෙක්, නමුත් අද මම මෙතන ඉන්නවා.”