ඊශ්‍රායල පලස්තීන ද්වී රාජ්‍ය විසදුම පිළිබඳ නිව්යෝර්ක් ප්‍රකාශනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඊශ්‍රායල හා පලස්තීනය අතර පවතින දීර්ඝකාලීන ගැටුමට ද්වීරාජ්‍ය විසදුමක් සඳහා එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය ගෙන ආ ප්‍රබල යෝජනාවටයි මෙසේ අනුමැතිය ලැබී තිබෙන්නේ.
පලස්තීන රාජ්‍යයක් කිසිදා ඇති නොවන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර පැය 24 ක් ගත වීමටත් පෙර මෙය සම්මතවීම විශේෂත්වයක් වනවා.
ප්‍රංශය සහ සෞදි අරාබියයි නිව්යෝර්ක් ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙන්නේ.
මෙම යෝජනාවට පක්ෂව රටවල් 142 ක් ඡන්දය ලබාදී ඇති අතර ඊශ්‍රායලය සහ එරට ප්‍රධාන මිත්‍ර පාක්ෂිකයා වන ඇමෙරිකාව ඇතුළු රටවල් 10 ක් යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදී තිබුණා.
තවත් රටවල් 12 ක් ඡන්දය ලබාදීමෙන් වැලකී සිටියා.