ඊශ්‍රායල ජනපති අයිසැක් හර්සොග් සහ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ බ්රිතාන්යයේදීයී.
මෙහිදි දෙදෙනා අතර යම් මතවාදී තත්වයක් ද ඇතිව තිබුණේ පසුගියදා කටාර් වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරය බ්‍රිතාන්‍ය අගමැතිවරයා හෙළා දැකීමත් සමඟයි.
එමෙන්ම එම ප්‍රහාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිලිගැනීම සදහා ප්‍රංශය සහ කැනඩාව ඇතුලු බටහිර රටවල් සමඟ එක්වීමට බ්‍රිතාන්‍යය සැලසුම් කර ඇති බවට ඊශ්‍රායල ජනපතිවරයා මෙහිදී චෝදනා කර ඇති බව ද සදහන්.