Latest News

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හොයපු අයට මෙන්න සුබ පණිවිඩයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අදාළ රැකියා සඳහා ලියාපදිංචි විය හැකි අතර, ඒ සඳහා 2025.09.14 දින තෙක් වෙබ් සබැදිය විවෘත කර ඇති බවයි දැනුම් දී ඇත්තේ.

අයදුම් කළ හැකි රැකියා කාණ්ඩයන් වන්නේ,

*ප්‍රතිසංස්කරණ සිදුකරන්නන් (විදුලි පේනු සවිකිරීම, බිත්ති බැඳීම, පොටි ඇඳීම, පාර්ටිෂන්)

*සෙරමික් ටයිල් අතුරන්නන්

*කපරාදු , යන ඒවා වනවා.

මේ යටතේ අයදුම්කරුවන් 1,500 ක් බඳවා ගැනීමට නියමිතයි.

මෙම රැකියා තෝරාගන්නා පුද්ගලයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමි වනවා.

වයස අවුරුදු 25-45 අතර, මීට පෙර ඊශ්‍රායල් රාජ්‍යයේ සේවය කර නොමැති, අවම වශයෙන් 10 ශ්‍රේණිය සමත් පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, ඔවුන්ට තෝරාගන්නා රැකියා කාණ්ඩය සඳහා මනා දක්ෂතාවයක් හා පළපුරුද්දක් ලබා තිබිය යුතුයි.

මූලික පරීක්ෂණයකින් පසුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) යටතේ දිස්ත්‍රික් මධ්‍යස්ථානවලදී අයදුම්කරුවන්ගේ මූලික කුසලතා ඇගයීම් සිදුකරනවා.

ඉන් සමත්වන අයදුම්කරුවන් නැවත කටුබැද්ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය වෙත යොමුකරන අතර, එම පරීක්ෂණයෙන් සමත්වන අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ඊශ්‍රායලයේ PIBA ආයතනය වෙත ලොතරැයි ක්‍රමවේදයට ඇතුළත් කිරීම සඳහා යොමුකරනු ඇති.

මෙම රැකියා ලබාගැනීම සඳහා කිසිඳු භාහිර පාර්ශවයකට මුදල් නොගෙවන ලෙසත්, එලෙස මුදල් ගෙවීම හෝ ලබාගැනීම නීතිවිරෝධී බවද කාර්යාංශය සඳහන් කරනවා.

World News

Send your contact Details Today