Latest News

94 හැවිරිදි කාන්තාවක් ඉහළ අහසේ සිට තම උපන්දිනය සමරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Gold Coastහි 94 හැවිරිදි කාන්තාවක් තම උපන්දිනය සැමරීම සඳහා ගුවන් යානයකින් පැන ආකර්ෂණීය අත්දැකීමක් ලබාගත් පුවතක් වාර්තා වනවා.

බෙටී ග්‍රෙගරි (Betty Gregory) මෙම වැඩිහිටි කාන්තාව, 3,600m ක ඉහළ සිට පැන ඇති බවයි වාර්තා වන්නේ.

මෙය ඇයගේ 5 වැනි පැනීම වන අතර, ඇය පළමු skydives සිදුකළේ තම 80 වෙනි උපන් දිනයදායි.

බ්‍රිතාන්‍ය Royal Air Force හි ගුවන් ඡායාරූප ශිල්පිනියක ලෙස 1940 දශකයේ සේවය කළ ඇය, skydives සඳහා දැඩි ආශාවක් දක්වනවා.

පසුගිය වසරේ උපන් දිනය දා ඇය තම පුත්‍රයා සමග skydives අත්දැකීමට සහභාගී වුණා.

Gold Coast skydive instructor ජේම්ස් ත්‍රොස්බි, ග්‍රෙගරි සමඟ පැනීම් තුනක් සඳහා සමගාමීව කටයුතු කර තිබෙනවා.

මේ අතර තම 97 වන උපන්දිනයදා ඇගේ මී මිණිබිරිය සමඟ skydives අත්දැකීමක් ලබාගැනීම ඇගේ මීළඟ අපේක්ෂාවයි.

World News

Send your contact Details Today