ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව ශ්‍රී ලාංකිකයන් මිලියන 2.08ක් මේ වන විට රුපියල් බිලියන 160ක ක්‍රෙඩිට් කාඩ් ණය ලබාගෙන ඇති බව හෙළිදරව් වී තිබෙනවා.
2023 දෙසැම්බර් සිට 2024 ජුනි දක්වා ගත වූ මාස 18 ක කාලය තුළ නව ක්‍රෙඩිට් කාඩ් සහ වාණිජ පත්‍රිකා එක්ලක්ෂ පනස්අට දහස් හයසිය පනස් නවයක් (158,659) ලබාගෙන ඇති අතර ඊට අදාළ රුපියල් බිලියන දහහතයි දශම අටක (17.8) ණය ලබා ගැනීම සිදුවී ඇතැයි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කළා.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දුන්නේ රටක ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය වැඩිවීම ආර්ථිකයට සිදුවන නරක බලපෑමක් ලෙස අර්ථකථනය කළ නොහැකි බවයි. ඇතැම් විට එය ආර්ථිකය සක්‍රීය වීමේ ලක්ෂණයක්ද විය හැකි බව ඔහු සඳහන් කර සිටියා.