නේපාලයට මේ වන විට ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
විරෝධතාකරුවන් එරට ජනපති හා හමුදා ප්‍රධානීන් හමු වීමට නියමිත බව ද වාර්තා වනවා.
සමාජ මාධ්‍ය තහනම් කිරීමට නේපාල රජය විසින් ගත් තීන්දුව නිසා ඇතිවූ Gen Z (ජෙන් සී ) පරම්පරාව විසින් මෙහෙයවනු ලබන ප්‍රචණ්ඩකාරී විරෝධතා හමුවේ රටපුරා මතුවූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් එරට හමුදාව රට පුරාම ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
නේපාල හමුදාව විසින් රටේ ආරක්ෂාව භාරගෙන ඇඳිරි නීතිය පනවමින් නිවේදනයක් නිකුත් කර ඇත්තේ, අරගලයේ නාමයෙන් නොසන්සුන් කණ්ඩායම් දැන්වත් සන්සුන්ව කටයුතු කළ යුතු බවයි.
විරෝධතා දක්වන නේපාල තරුණ නියෝජිතයන් අද එරට ජනාධිපති රාම්චන්ද්‍ර පෝඩෙල් හා යුධ හමුදාව හමුවීමට නියමිත බව වාර්තා වනවා.
හදිසි සේවා වාහන එනම්, ගිලන්රථ, අවමඟුල් රථ , ගිනි නිවන රථ, සෞඛ්‍ය සේවකයින් සහ ආරක්ෂක නිලධාරීන්ට පමණක් මෙම කාලය තුළ ක්‍රියාත්මක වීමට අවසර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.