මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඒ අනුව එහි සභාපති ඉංජිනේරු පි.ඒ චන්ද්‍රපාල මහතා සඳහන් කළේ, කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන බස්රථ විශේෂ පරික්ෂාවකට ලක්වන බවයි.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රාත්‍රි පැවැති සාකච්ඡාවේදී මේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා වූ බවයි පි.ඒ චන්ද්‍රපාල මහතා කියා සිටියේ.