ඉතාලි ආරක්ෂක අමාත්‍ය ගයිඩෝ ක්රොසෙටෝගේ පුද්ගලික X ගිණුම බ්‍රහස්පතින්දා (04) හැක් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඒ Bitcoin මුදල් පරිත්‍යාග ඉල්ලා සිටින පෝස්ට් එහි පළ වීමෙන් පසුවයි.
ඒ අනුව එම පරිත්‍යාග ඉලා ඇත්තේ එකක් ජෝර්ජියෝ අර්මානිගේ අවමංගල්‍යය සඳහා සහ අනෙක ගාසා තීරය සඳහායි.
කෙසේවෙතත් අද (05) අලුයම ගිණුම යථා තත්ත්වයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණා.