අද (සැප්තැම්බර් 4 වන බ්‍රහස්පතින්දා) රාත්‍රී 9.00 සිට සැප්තැම්බර් 5 වන සිකුරාදා සවස 6.00 දක්වා ඉතාලිය පුරා දුම්රිය සේවාවලට බලපාන දුම්රිය වර්ජනයකට මුහුණ දීමට ජනතාවට සිදු වනවා.
පැය 21 ක වැඩ වර්ජනය හේතුවෙන් කලාපීය සහ දිගු දුර දුම්රිය සේවාවන්ට බලපෑම් එල්ල වීමට නියමිත අතර, රජය සතු ට්‍රෙනිටාලියා සහ පෞද්ගලික දුම්රිය ක්‍රියාකරු ඉටාලෝ හි සේවකයින් මෙම වර්ජනයට සම්බන්ධ වනවා.
උතුරු එමිලියා-රොමග්නා කලාපයේ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන ට්‍රෙනිටාලියා-ටපර් සහ මිලාන් අවට උතුරු ලොම්බාර්ඩි කලාපයේ ට්‍රෙනෝඩ් හි සේවකයින් ද වැඩ වර්ජනයට එක්වන බවයි දැනුම් දී ඇත්තේ.
වර්ජනය හේතුවෙන් එහි සේවාවන් “අවලංගු කළ හැකි හෝ වෙනස් කළ හැකි” බව ට්‍රෙනිටාලියා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සතියේ දිනවල 06.00 සිට 09.00 දක්වා වැඩවර්ජන අතරතුර “අත්‍යවශ්‍ය” කලාපීය සේවාවන් සහතික කර ඇති බවයි.